සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එහි වාහන අවභාවිත කිරීමේ චෝදනා 18කට වරදකරු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව ඇති තවත් අල්ලස් නඩුවකදී විනිසුරුවරයාගෙන් අඩු දඬුවමක් ගෙන දීමට බව පවසා ඔහුගේ බිරිඳගෙන් රු. ලක්‍ෂ 7 1/2ක අල්ලසක් ගත් බව කියමින් අධිකරණයට ඉදිරිපත් කළ මහාධිකරණ විනිසුරුවරයකුගේ සහයකයෙකු (ආරච්චි) වශයෙන් සේවය කළ පුද්ගලයකු සැප්. 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම නියෝග කළේ ය.
සිද්ධියට සම්බන්ධ බව කියන අත්තනගල්ල අධිකරණයේ නිලධාරියෙකු සහ කොළඹ මහාධිකරණ පොත් බැඳුම්කරුවෙකු සම්බන්ධයෙන් ද විමර්ශනය කරන බව සඳහන් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේ ය.
කොළඹ මහාධිකරණයේ විනිසුරුවරයෙකු විසින් අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයකින් අනතුරුව ජී.ඒ. චරිත් කුමාර නමැති සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ජූනි 9 වන දා හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු මෙන් ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධනට බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් එම දඬුවම වසර 16ක කාලයකින් ගෙවී යන ලෙස නියම කළේ ය.
සැකකාර අධිකරණ සහයකවරයා මහාධිකරණ විනිසුරුවරයා වෙත ලබා දුන් බව කියන දුරකතන ඇමතුමක් පිළිබඳව නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණය හමුවේ පැවසීය.
එහිදී එම නිලධාරීන් සඳහන් කළේ, සැකකරු මෙම ඇමතුම ගෙන මහාධිකරණ විනිසුරුවරයාගෙන් නඩුවක් ගැන විමසා ඇති බවත්, "මගෙත් එක්ක නඩු ගැන කතා කරන්න ඔයා කවුද?" යනුවෙන් එම අවස්ථාවේදී විනිසුරුවරයා සැකකරුගෙන් විමසා ඇති බවත් ය.
පසුව සැකකරු "මේ කරුණ උසාවියේදී කතා කරන්න බැහැ, හමුවී කතා කිරීමට හැකියාව තිබෙනවා" යනුවෙන් විනිසුරුවරයා වෙත පවසා ඇතැයි ද නිලධාරීහු දැනුම් දුන්හ.
මෙම ඇමතුමෙන් මේ පිළිබඳව අල්ලස් කොමිසම වෙත පැමිණිලි තිබේ.
ඒ අනුව, කළ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කර බැලීමේදී සැකකරු සරණ ගුණවර්ධන නමැත්තාගේ බිරිඳ සමග 'වට්ස්ඇප්' මගින් දුරකතන සංවාද පවත්වා ඇතැයි අනාවරණය වුණු බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ ය.
එමෙන් ම මෙම විමර්ශනයේදී සැකකරු ඉදිරිපත් කළ රිසිට්පත් අනුව රු. 750,000ක මුදලක් වරින් වර ගිණුම්ගත කර ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළේ ය.
සිද්ධියට අදාළව කළ වැඩිදුර විමර්ශනවලදී මෙම රු. 750,000ක මුදලින් රු. ලක්‍ෂ 5ක මුදලක් ලබා ගත් බව කියන කොළඹ මහාධිකරණයේ පොත් බැඳුම්කරුවෙකු යැයි පැවසෙන පුද්ගලයෙකු අල්ලස් කොමිසමට කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරන බව ද අල්ලස් කොමිසම අධිකරණය වෙත දැනුම් දුන්නේ ය.
තව ද මෙම සිද්ධියට සම්බන්ධ බව කියන අත්තනගල්ල අධිකරණයේ නිලධාරියෙකු සම්බන්ධයෙන් ද තවදුරටත් විමර්ශන කරන බව කී අල්ලස් කොමිසමේ නිලධාරීහු මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියහ.
අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ, තම සේවාදායකයා උත්සහ කර ඇත්තේ මෙවැනි ගනුදෙනුවක් සිදු වන බව මහාධිකරණ විනිසුරුවරයාට දැනුම් දී ඉන් විය හැකි අපවාදයෙන් විනිසුරුවරයා මුදා ගැනීමට බව ය.
නඩුවට අදාළ සිද්ධිමය කරුණු ඉතාමත් බැරෑරුම් මෙන් ම සංකීර්ණ බවත් ඒ සම්බන්ධයෙන් ඉතා ම ප්‍රවේශම් විය යුතු හෙයින් එම කරුණු පිළිබඳ සාකච්ඡා නොකරන බව ද එහිදී නීතිඥවරයා පැවසීය.
එමෙන් ම තම සේවාදායකයාගේ 'වට්සැප්' ගිණුමේ තිබූ පණිවිඩවල සඳහන් බැංකු ගිණුම ඔහුගේ නොවන බව ද කී නීතීඥවරයා තම සේවාදායකයා ඇප මත මුදා අධිකරණයෙන් හරින්නැයි ඉල්ලා සිටියේ ය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ බව කියන මහාධිකරණ පොත් බැඳුම්කරු සම්බන්ධයෙන් සහ අත්තනගල්ල අධිකරණයේ නිලධාරියා සම්බන්ධයෙන් වහා ම විමර්ශනය කර අධිකරණයට වාර්තා කිරීමට නියෝග කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
පසුව ඇප දීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, සැකකරු සැප්. 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ය.
සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා, සැකකරු එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ ය.
BBC
Judicial Officer Arrested on Bribery Charges Linked to Former Minister
In a significant development for Sri Lanka's fight against corruption, a judicial officer has been implicated in a bribery case involving former Deputy Minister Sarana Gunawardena, who is already facing charges related to the misuse of vehicles in his role as chairman of the Development Lottery Board. Reports suggest that a lawyer's assistant at the Colombo High Court was detained and ordered to be held in custody until September 22, after being accused of accepting a bribe of 750,000 rupees from Gunawardena's wife in exchange for a reduced penalty.
The High Court judge, Asanga Bodaragama, issued the custody order upon reviewing evidence presented by the Commission to Investigate Allegations of Bribery or Corruption. This evidence included allegations involving a court officer from the Attanagalla Magistrate's Court and a record-keeper at the Colombo High Court, prompting further investigations into their roles in facilitating corrupt practices.
The lawyer's assistant, identified as G.A. Charith Kumara, was arrested following a complaint lodged with the bribery commission by a judge at the Colombo High Court. The suspect was subsequently presented in court and remanded to custody.
Back in June, Gunawardena was sentenced to significant prison time by High Court Judge Mohamed Mihal for committing serious offenses related to his position. His sentence includes a 16-year term for various charges, which has raised public concern regarding the corruption seeped within high-ranking officials.
During the court proceedings, it was revealed that a phone conversation took place between the accused and the High Court judge, where the suspect inquired about ongoing cases with an assertion of, "Who are you to discuss cases with me?" The judge was said to have questioned the suspect for details.
According to court officials, the suspect indicated that it would not be possible to discuss the matter in detail at that moment but could arrange for a face-to-face meeting later. This has led to formal complaints being lodged with the bribery commission regarding the conversation.
Subsequent investigations revealed that the suspect had been in communication via 'WhatsApp' with Gunawardena's wife. The bribery commission indicated to the court that a bank account linked to 750,000 rupees had been repeatedly referenced in invoices issued by the suspect.
Further details emerging from the investigation noted that a bookbinder at the Colombo High Court allegedly accepted a bribe of 500,000 rupees, and the bribery commission has called upon him to provide testimony and statements on the matter. Additionally, inquiries surrounding another official from the Attanagalla Court are ongoing.
In court, the representative of the accused asserted that his client had acted in seeking the involvement of the High Court judge to avoid potential allegations following these transactions. The legal counsel characterized the facts of the case as complex and nuanced, urging caution in discussing any specifics.
Moreover, the defense indicated that the bank account referenced in messages on his client's 'WhatsApp' was not owned by him. The defense lawyer called for his client's release on bail, claiming the circumstances were disproportionately penalizing.
Considering the troubling implications of the case, the magistrate directed a thorough investigation into the roles of both the judicial officer and the High Court bookbinder linked to the situation, instructing that a report be submitted to the court without delay.
Ultimately, the request for bail was denied, with the magistrate ordering the suspect to remain in custody until September 22. The magistrate also mandated that the bribery commission report on the progress of the investigations by that date and directed that the suspect be brought back to court on the same day.
(0)Comments