ජයග්‍රහණය පසෙක තබා ගිනිගත් මෝටර් රථයේ සිරවූ ක්‍රීඩකයා බේරාගත් ධාවකයා

ජයග්‍රහණය පසෙක තබා ගිනිගත් මෝටර් රථයේ සිරවූ ක්‍රීඩකයා බේරාගත් ධාවකයා
View on original source
Category: Entertainment
Share
Archive
Like
චීනයේ ෂැංහයි නුවර පැවති චීන GT මෝටර් රථ ශූරතාවලියේදී සිදුවූ බිහිසුණු අනතුරක් අතරතුර, ජයග්‍රහණය පසෙක තබා අනතුරට පත් ක්‍රීඩකයෙකු බේරාගැනීමට කටයුතු කළ නෙදර්ලන්ත ජාතික ලොක් හාර්ටොග්ගේ ක්‍රියාව මේ වනවිට දැඩි අවධානයට ලක්ව තිබෙනවා විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, තරගය අතරතුර මෝටර් රථයක් අනතුරට ලක්ව ගිනි ගැනීමත් සමඟ එහි බ්‍රිතාන්‍ය ජාතික ක්‍රීඩක ඔලී මිල්රෝයි සිරව සිට ඇති බවයි. එම අවස්ථාවේදී අනෙකුත් ධාවකයින් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියට ධාවනය කරද්දී, ලොක් හාර්ටොග් සිය ධාවනය නවතා අනතුරට පත් මෝටර් රථය වෙත ගොස් එහි සිරව සිටි මිල්රෝයි බේරාගැනීමට කටයුතු කර තිබෙන බවද සඳහන්. එමෙන්ම, ජයග්‍රහණයට වඩා මනුෂ්‍ය ජීවිතයක වටිනාකමට ප්‍රමුඛත්වය දෙමින් ඔහු සිදුකළ මෙම ක්‍රියාව ක්‍රීඩා ලෝකයේ බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව තිබෙනවා. කෙසේ වෙතත්, අනතුරට පත් ඔලී මිල්රෝයි නියෝජනය කළ කණ්ඩායම චීන GT මෝටර් රථ ශූරතාවලියේ ආරක්ෂක සහ හදිසි ප්‍රතිචාර පද්ධතිය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කර ඇති අතර, ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියේදී පැවැත්වෙන චීන GT තරග සඳහා සහභාගී නොවීමට තීරණය කර ඇති බවයි.

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.