වසර 20කට අධික කාලයක් නොගෙවා තිබූ වතු කම්කරුවන්ගේ ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීමට පියවර

වසර 20කට අධික කාලයක් නොගෙවා තිබූ වතු කම්කරුවන්ගේ ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීමට පියවර
View on original source
Category: Business
Share
Archive
Like
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ඇල්කඩුව වැවිලි සමාගම යන රාජ්‍ය වැවිලි ආයතන තුනෙහි සේවය කර විශ්‍රාම ගිය සහ දැනට සේවයේ නිරත 10,000කට අධික සේවක සංඛ්‍යාවකට පසුගිය වසර 20කට වැඩි කාලයක් පුරා නොගෙවා තිබූ මිලියන 4,500කට අධික ව්‍යවස්ථාපිත හිඟ මුදල් කඩිනමින් ගෙවීමට රජය පියවර ගෙන තිබේ. මෙරට ආර්ථිකයට අතිමහත් දායකත්වයක් ලබාදුන් වතු ජනතාව විශ්‍රාම යාමෙන් පසුව සහ වයෝවෘද්ධ වියේදී මුහුණ දෙන දැඩි ආර්ථික හා සෞඛ්‍යමය අභියෝගයන් හඳුනාගනිමින්, වැවිලි හා ප්‍රජායටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මූලික මැදිහත්වීම මත ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ඊට අදාළ කැබිනට් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවකයින් 3,000ක් සඳහා රුපියල් මිලියන 1,961කට වඩා වැඩි මුදලක් ද, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සේවකයින් 6,123 දෙනෙකු සඳහා රුපියල් මිලියන 2,024කට වඩා වැඩි මුදලක් ද, ඇල්කඩුව වැවිලි සමාගමේ සේවකයින් 1,000ක් සඳහා රුපියල් මිලියන 503කට අධික මුදලක් ද එනම් ආසන්න වශයෙන් මිලියන 4,500කට අධික මුදලක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබි ඇත. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව, විශේෂයෙන්ම මලයගම් වතු ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර තබා ඇත. ඒ අනුව හිඟ පාරිතෝෂික දීමනා ගෙවීමේ සමාරම්භක අවස්ථාව එළැඹෙන 10 වන දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී වැවිලි හා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා ද, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.